Google Search

Custom Search

Wednesday, June 3, 2009

Laptop Battery Doubler මෘදුකාංගය ගැන දැන ගනිමු.

Laptop Battery Doubler මෘදුකාංගය ගැන දැන ගනිමු.

මෙ කියන්න හදන්නේ Laptop එකක් තියෙන කෙනෙකුට ටිකක් පූයෝජනවත් වෙන මෘදුකාංගයක් ගැනයි.

මෙහි නම වන්නේ Battery Doubler ය‍. මෙහි නිර්මාපකයින් වන්නේ Dachshund Software ‍ආයතනයයි.

ප්‍රධාන ලෙසම මෙයින් සිදුවන කාරණය නම්, ඔබගේ Laptop එකේ බැටරියේ දැනට පවතින ආයුකාලය ටිකක් වැඩි කර දිමයි.

Battery Doubler Main Menu



‍මෙහි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කිරිමට හෝ නොකිරිමට වරණයක් ඇත.

එලෙසම මෙහි ඇති Options වල Force CPU to use 99% power යනුවෙන් වරණයක් ඇත. මෙමගින් ඔබට CPU එක පාවිච්චි කරන විදුලිය අවම කර ගත හැකිය.
CPU එක 100%ක් ක්‍රියාත්මක වන විට නිතැතින්ම CPU එකේ fan එක ක්‍රියාත්මක විමට පටන්ගනි‍‍. එ සදහා වැඩි විදුලියක් වැය වෙ. 99% ක් ක්‍රියාකිරිමෙන් CPU fan ක මෙලෙස නිතැතින්ම කියානොකරයි. මෙය තේරීම මගින් වැය වන අමතර විදුලිය අවම කර ගත හැකිය.

එලෙසම Processor Cycling මගින් CPU එක භාවිත විම අවම කරන නිසා CPU එකේ උෂ්ණත්වයද අඩුකරයි.

Enble Turbo Charge මගින් ඔබට ඉතාමත් ඉක්මනට බැටරිය ආරෝපනය කර ගත හැකිය. එහෙත් මෙම වරණය තොරා ගත යුත්තේ ඔබ පරිගණකය භාවිතා නොකරන අවස්ථාවකදි පමනි. මක් නිසාද යත් මෙමගින් බැටරිය ආරෝපනය කිරිමෙදි පරිගනකය ඉතාමත් මන්දගාමී තත්වයකට පත්වේ.


මෙහි ඇති wizard මෙනුව හරහා ඔබට තවත් අත්‍යවශ්‍ය තෙරිම් කිහිපයක් ක්‍රියාත්මක කල හැකිය.

Recalibration


මෙ මගින් ඔබට බැටරියේ ආරොපන තත්වය නිවැරදිව දැනගත හැකිය. මොකද සමහර විට බැටරිය ආරොපනය කලත්, ඉතා ඉක්මනින්ම ආරොපනය අඩුවිය හැකිය. මෙවැනි වැරදි තොරතුරු Battery Doubler විසින් නිවැරදිව හදුනාගනි.



Compare Autonomy


මෙමගින් ඔබට ඔබගේ බැටරිය ආරොපනය පිළිබදව පොඩි අදහසක් ගත හැකිය‍. Battery Doubler මගින් කොපමණ ප්‍රමාණයකින් ඔබගේ බැටරිය වැඩිපුර ප්‍රයෝඡනයට ගත හැකිද, එසේ නැතිනම් ඔබ‍ගේ බැටරිය සාමාණ්‍යයෙන් ප්‍රයෝඡනයට ගත හැකි ප්‍රමාණය කොපමනද යන වග දැන ගත හැකිය.




Autonomy

මෙ මෙනුව මගින් ඔබට ඔබගේ බැටරියේ ආයුකාලය සම්බණ්ධව ඉතා වැදගත් සැකසීම් කිහිපයක් සකස් කළ හැකිය.

Maximum Autonomy

මෙ තේරීම මගින් පරිගණකයේ CPU එක භාවිත වන ප්‍රමානය අඩු කිරිම හා දෘඩ තැටිය හා තිරය සදහා අඩු විදුලියක් භාවිතා කිරිම මගින් බැටරියේ ආරොපනය වැඩි කලක් රදවා තබා ගනි. (මෙ මගින් පරිගනකය ටිකක් මන්දගාමි විය හැකිය.)

Balance

මෙ මගින් CD හා DVD තැට් ධාවක මන්දගාමි කිරිම හා දෘඩ තැටිය හැකි අවස්ථා වලදි නැවත් විම මගින් විදුලි භාවිතය අඩු කිරිම.

Maximum Performance

මෙ තේරීම මගින් Battery Doubler පරිගනකයේ වෙනස් කමක් සිදු නොකරන අතර එහෙත් හැකි සෑම විටම බැටරියේ ආයුකාලය වැඩි කිරිමට උත්සහ දරයි.


Options


මෙ මෙනු‍ව හරහා ඔබට වැඩි මනත් සැකසීම් ඔබගේ අවශ්‍යතාවය අනුව සිදුකල හැකිය.

එනමුත් මගේ තේරීම අනුව නම් මෙ සැකසීම් කළ යුත්තේ ඔබට එය අවශ්‍ය නම් පමණි. මක් නිසාද යත් එමගින් ඔබගේ පරිගනකය මන්දගාමි වන නිසාය, එය ඔබගේ කාලය හා කරන කර්තව්‍ය අනුව එ අවස්ථාවට පමනක් සිදු කල හැකි නම් හොද බවයි මගේ නම් හැගිම.

No comments:

Post a Comment